ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ ගුණානුස්මරණය අභිමානයෙන් සැමරීමට සූදානම්

Report

ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘ සහ ප්‍රවීණ කලාකරුවෙකු වූ අභාවප්‍රාප්ත ආනන්ද සමරකෝන් මහතා සිහිපත් කිරීම සඳහා සංවිධානය කෙරෙන ගුණානුස්මරණ මහෝත්සවය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම ගුණානුස්මරණ මහෝත්සවය නොවැම්බර් 21 වැනිදා පෙරවරු 10.00ට බත්තරමුල්ල "අපේ ගම" පරිශ්‍රයේ පිහිටි ආනන්ද සමරකෝන් මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ගොවි ජනතාවට විශාල සහනයක් ගෙන දෙමින් තල්දෙන වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

ගොවි ජනතාවට විශාල සහනයක් ගෙන දෙමින් තල්දෙන වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

ජාතික කලාකරුවෙකුට උපහාර පිණිස සංවිධානය කෙරෙන මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය අමාත්‍යාංශය විසින් ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, මහෝත්සවයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමට ද එකඟතාව පළ කළේය.

මෙම සාකච්ඡාව සඳහා ආනන්ද සමරකෝන් පදනමේ සභාපති සුනිල් සමරකෝන් මහතා, ලේකම් සරත් ජයවීර මහතා, භාණ්ඩාගාරික ඉලංගා කරුණාරත්න මහත්මිය, ජාතික සංවිධායක ජයන්ත කරුණාරත්න මහතා, කාරක සභික අජන්ත මහතා ඇතුළු පදනමේ නියෝජිතයන් සහ ආනන්ද සමරකෝන් මහතාගේ පවුලේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ.

වවුනියාවේ ජනතාව බලාසිටි සිහිනය සැබෑ කරමින් පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

වවුනියාවේ ජනතාව බලාසිටි සිහිනය සැබෑ කරමින් පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට