මාර්ග සංඥාවක නැග විරෝධතාවක යෙදී සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ග සංඥා කුළුණක නැග සිටි පුද්ගලයෙකු ඉන් බස්සවා කොටුව පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ.
ඔහු එම කුළුණ මතින් පහතට ගෙන ඇත්තේ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි ,
අදාළ පුද්ගලයා මීට පෙර අවස්ථාවකදී ද මෙවැනි කණුවකට නැග මෙලෙස විරෝධතාවයේ යෙදී ඇති බව පොලීසිය සදහන් කර තිබේ