තරුණයින් පිරිසක් මාතලේ පොලිසිය ඉස්සරහට ඇවිත් කරපු දේ

By Zara Apr 02, 2025 02:40 PM GMT
Report

අද (02) පෙරවරුවේ තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා.

එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි මාතලේ පොලීසියේ නිලධාරින් කිහිපදෙනෙකු තරුණයින්ව පරික්ෂාවට ලක් කර මත්ද්‍රව්‍ය තිබූ බවට අසත්‍ය චෝදනා නගමින් තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම පිරිස විරෝධතාවය පැවැත්වූ බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාතලේ පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව මෙම ක්‍රීඩකයින් පරික්ෂා කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී ගංජා හමු වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට දෙන මිලියන ගානක මනුස්සකම

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට දෙන මිලියන ගානක මනුස්සකම

හොඳටම ප්‍රසිද්ධ සුපිරිසැල් 23කට වුණු දේ මෙන්න

හොඳටම ප්‍රසිද්ධ සුපිරිසැල් 23කට වුණු දේ මෙන්න