විරෝධතාවයේ නිරත ශ්‍රී ලාංකිකයින් මාලදිවයින් පොලිස් අත්අඩංගුවට - මේ මොහොතේ නවතම තත්වය..(VIDEO)

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගැනීම මාලදිවයින් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරයා අද අලුයම මාලදිවයිනට පලා ගොස් ඇති අතර ඔහු එරට දූපතක නිවාඩු නිකේතනයක ලැගුම්ගෙන සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඉල්ලා සිටින පරිදි අද දිනයේදී ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බව ඔහු කලින් ප්‍රකාශ කළද ඒ වෙනුවට ජනාධිපතිවරයා රටින් පැන ගොස් ඇත.

ඔහු මාලදිවයිනට පැමිණීම පිළිබඳ වාර්තා වීමත් සමඟ මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස බලකරමින් මාලේ අගනුවරදී විරෝධතාවක් දියත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂගේ ආගමනයට එරෙහිව මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයින් විසින් පවත්වන විරෝධතාවලට එක්වන ලෙස මාලදිවයින් ජාතිකයන් කිහිප දෙනෙකුද සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පුරවැසියන්ට සිය සහයෝගිතාව ප්‍රකාශ කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now