ආචාර්ය නලින් ද සිල්වා මහතා ජීවන රඟමඩලට සමුදෙයි..(PHOTOS)

University of Kelaniya Death Education
By Aruna May 02, 2024 03:16 PM GMT
Aruna

Aruna

Report

ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 79ක් විය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබීම විශේෂත්වයක්.

ආචාර්ය නලින් ද සිල්වා මහතා ජීවන රඟමඩලට සමුදෙයි..(PHOTOS) | Propeser Nalin De Silva

1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී ඇත.

ආචාර්ය නලින් ද සිල්වා මහතා ජීවන රඟමඩලට සමුදෙයි..(PHOTOS) | Propeser Nalin De Silva

ඔහු 1962 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් වූ අතර 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධියද හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

Gallery