රට නගන අරමුදලට ප්‍රොපර්ටි පීඑල්සී කෝටියක්
ප්‍රොපර්ටි පීඑල්සී ආයතනයෙන් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුදලට RIL රුපියල් කෝටියක මූල්‍යමය පරිත්‍යාගයක් කර ඇත.
ඊට අදාළ චෙක්පත RIL Property PLC හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්. සී. වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට RIL Property PLC හි ප්‍රධාන මූල්‍ය නිලධාරි ඩබ්ලිව්. ඒ. ඉඳුනිල් පෙරේරා, සහකාර නඩත්තු ඉංජිනේරු කසුන් අනුරංග යන මහත්වරුද එක්ව සිටියහ.