ජපන් ආධාර මත නැවත ආරම්භ කෙරෙන ව්‍යාපෘති...

Report

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීම නිසා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට නව තාක්ෂණය හඳුන්වා දෙමින් ඩිජිටල්කරණය කිරීම, මහනුවර දක්වා අධිවේගී මාර්ගයේ 4වන කොටස ආරම්භ කිරීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ජපන් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත.

අවසන් තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කණ්ඩායමට...

අවසන් තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කණ්ඩායමට...

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ දී ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොතෝ මහතා ඇතුළු දුත පිරිස හමු වූ අවස්ථාවේ දී මෙම සාකච්ඡාව සිදු කර ඇතැයි වාර්තා වේ.

ඇමති ප්‍රසන්නගෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් යෝජනාවක්...

ඇමති ප්‍රසන්නගෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් යෝජනාවක්...

එමෙන් ම, මීට අමතරව ප්‍රවාහන සේවය ඩිජිටලයිස්කරණය කිරීම හා දුම්රිය සේවාව වැඩි දියුණු කිරීමට ජපානයේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් ව තිබේ.