ලොරිවලින් බොන්න ගන්න වතුරේ ප්‍රමිතියේ ගැටළුවක්...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිවාස වෙත පානිය ජලය බෙදා හරින ජංගම සේවාවන් ක්‍රියාත්මක වනවා.
උතුරු, උතුරුමැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිවාස හා ලොරිවලින් බෙදා හරින පානීය ජලයේ තත්ත්වය සොයා බැලීම සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නීතිමය බලයක් නොමැතිවීම නිසා එම ජලයේ ප්‍රමිතිය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
ළිං ජලය හෝ නළ ජලය පිරිපහදු කර වියළි කලාපීය ප්‍රදේශවල අලෙවි කෙරෙනවා.
මෙලෙස පිරිපහදු කරන ජල ලීටරයක් රුපියල් 3 ත් 5 ත් අතර මුදලකට අලෙවි කෙරෙනවා.
දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතින කාලයේදී දිනකට මෙම ලොරිවලින් ජලය ලීටර් 2,000 ක් පමණ අලෙවි කරනු ලබනවා.
මෙම ජලය පිරිපහදු කරනු ලබන්නේ ඉතා කුඩා නළ මගින් පිරිපහදු යන්ත්‍ර මඟිනි.
මෙම ජලයේ තත්ත්වය සම්බන්ධව සොයා බැලීමේ නීතිමය වගකීමක් මණ්ඩලයට පැවරී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉහළ නිලධාරියක් පැවසුවා.
ඒ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුද කියා සිටියේ එම ජලය සම්බන්ධව අධිකාරියටද නීතිමය බලයක් නොමැති බවයි.
කාර්මික තාක්ෂණික ආයතනයේ (ITI) ඉහළ නිලධාරියකුගෙන් විමසීමේදී කියා සිටියේ ලොරිවලින් අලෙවි කරන ජලය සම්බන්ධව ඕනෑම අයකුට යම් සැකයක් තිබේ නම්, එහි සාම්පලයක් කාර්මික තාක්ෂණික ආයතනයට ලබාදී පරීක්ෂා කළ හැකි බවය.
