බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ගේ අධ්‍යාපනයට විශේෂ අවස්ථාවක්..

Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Aruna Jul 20, 2024 12:54 AM GMT
Aruna

Aruna

Report

බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, සියලුම අධිකරණ විනිසුරුවන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

විවිධ වැරදි කර අධිකරණ නියෝග මත බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටිමින් ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට අවස්ථාව සැලසීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ එකඟතාව අනුව 2014 වසරේදී හෝමාගම වටරැක එළිමහන් සිර කඳවුරු භූමියේදී ‘‘සුනීත’’ ජාතික පාසල ආරම්භ කෙරිණ.

ඇසළ පුර පසලොස්වක් පොහොය දිනය අදයි..

ඇසළ පුර පසලොස්වක් පොහොය දිනය අදයි..


අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියේ, මෙම සුනීත ජාතික පාසල සතුව ප්‍රධාන ශාලාව සහිත පන්ති කාමර ගොඩනැගිල්ලක්ද, පරිපාලන අංශය , විද්‍යාගාරය, පරිගණක හා භාෂා විද්‍යාගාර ඇතුළු නවීන පහසුකම් සහිත මහින්දෝදය විද්‍යාගාර දෙමහල් ගොඩනැගිල්ලක්ද, එම විද්‍යාගාරවලට අවශ්‍ය සියලුම පරිගණක සහ නව උපාංගද තිබෙන බවයි.

මෙම පාසල විවෘත කළ වසරේදී තරුණයන් 80 කට වැඩි පිරිසක් පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබා ඇති අතර, පසුකාලීනව ක්‍රමයෙන් එම පිරිස අඩුවී ඇති බවයි පැවසෙන්නේ. අධිකරණ මගින් එම පාසල වෙත තරුණ වයසේ පසුවන වැරදිකරුවන් යොමු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවයි පැවසෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, වර්තමානය වන විට සුනීත පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 09 ක් වන බවත්, එය බන්ධනාගාරගත වූවන්ගේ පහළ යාමක් නිසා වූවක් නොව අධිකරණය මගින් එම පාසලට ළමයින් යොමු නොකිරීම මත වූවක් බවයි.

සුනීත විද්‍යාලයේ ඇති සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එහි ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම කළ යුතු හෙයින් අධිකරණයෙන් බන්ධනාගාරයට යොමු කරන තරුණ වයසේ පසුවන වැරදිකරුවන් ඍජුවම හෝමාගම වටරැක බන්ධනාගාරය වෙත යොමු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් මේ පිළිබඳ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයද දැනුවත් කර තිබිණි. ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම විනිසුරුවරුන් වෙත අදාළ උපදෙස් දෙනු ලැබීය.