බන්ධනාගාරය තුළදීම ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්

Report

පාතාල කණ්ඩායම් සිය ප්‍රතිවාදීන් බන්ධනාගාර තුළදීම ඝාතනය කිරීමට මේ වන විට උත්සාහ දරමින් සිටින බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතන උත්සාහයක් සිදුකර ඇති අතර, එහිදී එක් රැඳවියෙකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පහරකෑමට ලක්වූයේ පසුගියදා දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු තරුණයන් දෙදෙනාගෙන් එකෙකු වූ යොමේෂ් නැමැත්තාගේ සහෝදරයා බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

රොටි කඩේදී සිදුවූ පිහි ප්‍රහාරයෙන් 7ක් තුවාල

රොටි කඩේදී සිදුවූ පිහි ප්‍රහාරයෙන් 7ක් තුවාල

එම තරුණයන් දෙදෙනාගේ ඝාතනය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තා මෙහෙයවා තිබූ බවත්, මෙම බන්ධනාගාර ඝාතන උත්සාහයද ඔහු මෙහෙයවා ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පළ කරති.

පහරදීමට ආහාර ලබාදෙන ඇලුමිනියම් පිඟානකින් සකස් කළ තියුණු ආයුධයක් භාවිතා කර ඇති බව වාර්තා වේ.

මේ වන විට සැක සහිත රැඳවියන් දෙදෙනා වෙනම සිරකූඩුවකට දමා විමර්ශන සිදුකෙරෙමින් පවතී.

කාන්තාවන්ට වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමට තීරණයක්

කාන්තාවන්ට වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමට තීරණයක්

නොවැම්බර් 24 සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්

නොවැම්බර් 24 සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්