විදුහල්පතිවරුන් අද අකුරට වැඩ

Ministry of Education Strike Sri Lanka schools Sinhala news
By Hashini Jun 16, 2025 02:44 AM GMT
Hashini

Hashini

Report

අද (16 වැනිදා) විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරු එහි වගකීම භාර ගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින්.

විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය අද (16 වැනිදා) සිට උදේ 7.30ත් සවස 1.30ත් අතර කාලය හැර අමතර වේලාවන්හි රාජකාරිවලින් වැළකී සිටීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අද ලග්නය කියන ඔබේ වාසනාවෙ හැඩය මෙන්න

අද ලග්නය කියන ඔබේ වාසනාවෙ හැඩය මෙන්න

මෙම කාලයෙන් පසු කිසිදු හේතුවක් මත පාසල්වල රැඳී නොසිටින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව පැවසුවා.

එමෙන්ම එම සංගමය තීරණය කර ඇත්තේ බාහිර කාර්යයන් සඳහා ගුරුවරුන් මෙහෙයවීමේ කටයුතුවලින් හා විදුහල්පති කමිටු රැස්වීම්වලට සහභාගි වීමෙන් වැළකී සිටීමටයි.

ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ සියලු පුහුණු සැසි ද නතර කරන බවය.

වැඩේ Close.. ඉරානයේ සහයට හිස්බුල්ලාත් යුද්ධයට එක්වේ.. දැන්නම් යුද්දේ ගිනි ඇවිලෙයි

වැඩේ Close.. ඉරානයේ සහයට හිස්බුල්ලාත් යුද්ධයට එක්වේ.. දැන්නම් යුද්දේ ගිනි ඇවිලෙයි

ReeCha