සිසුවියන් විශාල පිරිසක් දුෂණය කළ විදුහල්පතිවරයා...
පාසලේ සිටින්නේ දෙවිවරුන් බවට දෙමාපියන් විස්වාසය කරනවා. නමුත් අද පාසල්වල පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන් විසින් සිදු කරන දුෂණ, අපචාර හේතුවෙන් රටේ ගුරුවරුන්ට පවතින ගෞරවය මේවන විට සමාජයේ නොමැති වී යාමක් දකින්න පුළුවන්.
ඒ සම්බන්ධයෙන් කතාවක් මේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින්, කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටින සිසුවියන් දස දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කර පහරදී තුවාල සිදුකළ බව පැවසෙන එම ආයතනයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් කුරුණෑගල, උඩවලවල්පොළ මාර්ගයේ මෙම පුද්ගලික අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ. කුරුණෑගල ජයන්තිපුර පාර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක දෙදරු පියෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මෙම ආයතනයේ හිමිකරු මෙන්ම විදුහල්පතිවරයා ලෙසද කටයුතු කරයි.
සිසුවියන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ මෙහි නේවාසිකව අධ්‍යාපනය ලබන වයස අවුරුදු 15ත් 18ත් අතර වයසේ පසුවන සිසුවියන් මෙලෙස අපයෝජනයට ලක්ව තිබෙනවා.
සිසුවියන් විසින් තමන් මුහුණ පා සිටින අතවර සිද්ධීන් පිළිබඳව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් වන සිසු සිසුවියන්ට මුදලට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් නේවාසිකව අධ්‍යාපනය ලබාදී ඔවුන් රජයේ විභාග සඳහා ඉදිරිපත් කිරීමේ පදනම යටතේ මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන බව වාර්තා වෙයි.
මෙම අධ්‍යාපන ආයතනය තුළම සිසුවියන් පමණක් නේවාසිකව සිටින අතර සිසුන්ට වෙනත් ස්ථානයක නේවාසික පහසුකම් සපයා ඇති බව පැවසේ. පොලීසිය ප්‍රකාශ කළේ, බාලිකාවන් පමණක් රඳවා සිටින නේවාසිකාගාරයක ආරක්ෂාවට පාලිකාවන් අනිවාර්යයෙන්ම සිටිය යුතු වුවද මෙම ස්ථානයේ බාලිකාවන් පාලනය ඇතුළු සියලුම කටයුතු සිදුකර ඇත්තේ සැකකරු විසින් බවයි.
එම ස්ථානයේ සිසුවියන් 25 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබමින් සිට ඇත. අධ්‍යයන කටයුතු සිදු කරන අවස්ථාවලදී මෙන්ම රාත්‍රී කාලයේදී ද ඔහු සිසුවියන්ගේ අඟපසඟ අතපත ගාමින් ඔවුන්ව ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයිද අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව තම මෝටර් රථයේ නංවාගෙන විවිධ අධ්‍යයන කටයුතු සඳහා බව පවසමින් රැගෙන යමින්ද ඔවුන් අපයෝජනයට ලක් කර ඇති බවද අනාවරණය වී තිබේ. එසේම සිසුවියන් පිරිස මොහුගේ පහර දීමට ලක්ව ඇති බවද ඔවුන් පොලීසියට ප්‍රකාශ කර ඇත.
පහර කෑමට ලක් වීමෙන් මෙම සිසුවියන්ට තුවාලද සිදුව ඇති බව සඳහන් වේ. පසුගිය වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වාම සැකකරු විසින් සිසුවියන් අපයෝජනයට ලක්කර ඇත.
සැකකරු මීට පෙරද මහනුවර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙවැනිම අධ්‍යාපන ආයතනයක සේවය කරමින් සිටියදීද එහි සිටි සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි අයෙකු බව පැවසේ.
