විදුහල්පතිවරයාට සත්තම දාපු සිසුවා ගැන පරීක්ෂණ

By Gagana News Mar 10, 2025 08:59 AM GMT
Report

පාසලක නව වැනි පන්තියේ හෝ ඊට පහල පන්තියක සිසුවකු විසින් විදුහලේ විදුහල්පතිවරයාට ඉතා අසභ්‍ය වශයෙන් බැණ වදින වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

පාසලේ විරෝධී කටයුත්තක් හේතුවෙන් ඔහු සිදුකළ වරදක් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් පිළිබඳව සිසුවා එහිදී ප්‍රශ්න කරයි.

සිසුවා විදුහල්පතිට තර්ජනය කරමින් පවසන්නේ දෙකට කැඩිලා යන්න පයින් ගහන බවටය.

අප්‍රේල් වල පරණ මිලටම ලුණු

අප්‍රේල් වල පරණ මිලටම ලුණු

කෙසේ වෙතත් මේ සම්ම්බන්ධයෙන් කලාප අධ්‍යක්ෂවරයාගේ අවදානය යොමුව ඇති බවයි පැවසෙන්නේ.

අදාළ සිසුවා මානසික පීඩනයකට පත්ව ඇති ද යන්න සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස බලධාරින් විසින් උපදෙස් ලබාදී තිබෙනවා.