ඇප ලැබුනත් නිදහසක් නැති අගමැති ඉම්රාන් ...
By Parami Dissanayake
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින තවත් එක් නඩුවක් සම්බන්ධයෙන් ඔහුට ඇප නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටින ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවකට අදාළව මෙලෙස ඇප නියම වී ඇති අතර, ඔහු පාකිස්තානයේ අගමැතිව සිටි කාලයේ දී නීති විරෝධී උපකාර සඳහා ත්‍යාග වශයෙන් දේපොළ වෙළෙඳාම්කරුවෙකු ලබාදුන් ඉඩම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වී තිබුණි.
හිටපු අගමැති ඛාන් ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ ඇප ඉල්ලුම් කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.
පසුගිය අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට මෙලෙස ඇප නියම වුවත්, තවත් නඩු දෙකකට අදාළව ඔහුට සිර දඩුවම් නියමව පවතින බැවින් මෙම ඇප හිමිවීම හරහා තවදුරටත් නිදහස් නොවන බව වාර්තා වේ.