අග්‍රාමාත්‍යවරිය නැවතත් දිවයිනට
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ .
පසුගිය 19 වැනිදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව පැවත ඇත.
අග්‍රාමාත්‍යවරිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් හමු වී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සංචාරය සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ .
අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම මෙම සංචාරයේ සුවිශේෂීත්වයකි.
එසේම, සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම්, යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් මෙනෙවිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) පරිපාලක ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ මහතා සමඟ පැවැති හමුවීම් හරහා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ගෝලීය විශ්වාසය තහවුරු කිරීමටත් හැකිව තිබෙන බව සදහන් වේ .
තවද නැගී එන වෙළෙඳපොළවල රැකියා අර්බුදය සහ ගෝලීය කුසලතා සංවර්ධනය පිළිබඳ වූ ඉහළ පෙළේ කමිටු සාකච්ඡා සඳහා ද සිය දායකත්වය ලබා දී ඇත. ගෝලීය වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය 'World Women Davos Agenda 2026' හමුවේ විශේෂ දේශනයක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ වගේම අග්‍රාමාත්‍යවරිය පියවර ගෙන තිබෙනුයේ ගෝලීය සංචාරක සංසදයේ ඉහළ පෙළේ සංවාදයකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත දැක්ම ප්‍රවර්ධනය කිරීමට යි.
අග්‍රාමාත්‍යවරිය ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් AP Moller-Maersk වැනි ජාත්‍යන්තර සමාගම්වල ප්‍රධානීන් සහ ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වන ලදි.
තවද එතුමිය ස්විට්සර්ලන්තයේ වෘත්තීය පුහුණු ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.
ඒ වගේම අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමු වී මෙරට සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද තම අවධානය යොමු කර තිබෙන බව සදහන් වේ .