තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල පහළට. - නව මිල ගණන් මෙන්න.

By Wayomi Mar 14, 2024 05:14 AM GMT
Report

ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190සිට175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩු කර ඇත.

ඔවුන් පවසන්නේ, මේ වන විට අවශ්‍ය තරම් සුදු සීනි, තිරිඟු පිටි සහ පරිප්පු තොග තමන් සතුව පවතින බවත්, එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාධකයකින් තොරව එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි බවත්ය.

මේ අතර සුදු සීනි , පරිප්පු සහ තිරිඟු පිටි තොග මිල අඩු වූවද, ඇතැම් සුපිරි වෙළඳසැල්වල සහ සිල්ලර වෙළඳසැල්වල එම භාණ්ඩවල මිල වී නොමැති බවයි වාර්තා වන්නේ.