අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - නව මිල ලැයිස්තුව මෙන්න.
By Wayomi
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට ද, රුපියල් 175ට පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 165ට ද, රුපියල් 240ට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235ට පහත දමා ඇත.
වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බවයි.
භාණ්ඩ ලැයිස්තුව පහතින්,

නව රජයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි. - ශවේන්ද්‍ර සිල්වාට මොකද වෙන්නේ එතකොට? - යුධ, නාවික සහ ගුවන් සේවා අභිබවා යයි.
You May Like This Video
