අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර සහන මිලට

Sachu Sadha Sri Lanka Lanka Sathosa Sugar Price
By Gagana News Mar 05, 2025 12:04 AM GMT
Gagana News

Gagana News

Report

අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යවශ්‍ය ආහාර සැපයුමක් ලබාදීම රජය සහතික කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් පාර්ලිමේන්තුවේදී රැස්වූ බවයි.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිඟයකින් තොරව සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර පිළිබඳව ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇතැයි සඳහන්ය.

පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් එම සියලු පියවරයන් ගැනීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ අතර සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනි දායින් පසුව අනුමැතිය ලබා දීමට ද එහිදී සාකච්ඡා වී තිබේ

ReeCha