උදේ වෙනකොට බැංකු ගිණුමට රු.36000ක්.. අනිත් අයට රු.18000ක්.. - ලැබෙන පිරිස මෙන්න..

Galle Sri Lankan Schools School Incident Presidential Update Latest Headlines
By krishani Jul 23, 2024 06:15 AM GMT
krishani

krishani

Report

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

උදේ වෙනකොට බැංකු ගිණුමට රු.36000ක්.. අනිත් අයට රු.18000ක්.. - ලැබෙන පිරිස මෙන්න.. | Presidential Scholarship Program

ඒ ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අනාගත දරු පරපුර වෙනුවෙන් සිදුකරන මහා මෙහෙවරක් බවයි.

දිවයිනේම පාසල් දරුවන්ට උදේන්ම සුබ ආරංචියක් - අධ්‍යාපන අමාත්‍යාංශය ගත් විශේෂ තීරණය මෙන්න..

දිවයිනේම පාසල් දරුවන්ට උදේන්ම සුබ ආරංචියක් - අධ්‍යාපන අමාත්‍යාංශය ගත් විශේෂ තීරණය මෙන්න..


ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලයේ දී පැවැති ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ය.

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න - දැන්ම මෙතනින් පිවිසෙන්න..

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න - දැන්ම මෙතනින් පිවිසෙන්න..


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ඒ නිසා තමයි අද දවසේ ගාල්ල දිස්ත්‍රික්කයේ ළමයි 5000 කට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යත්ව ලබාදීම සිදු කරන්නේ. මේ ලබාදෙන ශිෂ්‍යත්වය හරහා හෙට උදේ වනවිට උසස්පෙළ ළමයින්ගේ නම් ඒ ළමයින්ගේ බැංකු ගිණුම්වලට රුපියල් 36000 කුත්, 1 වසරේ සිට 11 වසර දක්වා වයස් කාණ්ඩායක ඉන්න දරුවෙකුට නම් රුපියල් 18000කුත් ඔබේ බැංකු ගිණුම්වලට ලැබේවී. දැන් මෙතන ඉන්නවා මේ පාසල් ළමයින්ගේ දෙමව්පියන්. ඒ දෙමව්පියන්ටත් තිබෙනවා යුතුකමක් ඉටු කරන්න. මේ මුදල ලැබුණාම ඔබ ළමයින්ගෙන් අහන්න ඕන මොනවද පුතේ ඔබට තිබෙන අඩුපාඩු කියලා. දෙමව්පියන් ඒ සඳහා අවධානය යොමු නොකළොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බලංපොරොත්තු වන ඉලක්කය අසාර්ථක වෙනවා. ඒකයි මම කලින් සඳහන් කලේ අද මේ සල්ලි මේ ළමයින්ගේ ගිණුමට වැටුණම දෙමව්පියන්ගේ වගකීම හරියට ඉෂ්ඨ කළ යුතුව තිබෙනවා. දෙමව්පියෝ අහන්න ඕන ඒ දරුවන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියලා. පාසලේ අඩුපාඩුව කුමක්ද? ඒ දේවල් හොඳින් හැදැරුවොත් පමණයි මේ වැඩේ නියම ප්‍රයෝජනය ලබාගන්න"