ආරක්ෂාවත් හදිසියේම තර කරන්න යයි - සැප්තැම්බර් 04 සහ 06 සිදුවන විශේෂ වැඩේ..
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශකර සිටියේ, 2024 ඡනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කර සිටියේ. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කරන ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්ද ලබාදෙන බවයි නිහාල් තල්දූව සඳහන්කර සිටියේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ, සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල දී නිල ඇඳුම් කාර්යය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින අතර ඒ සඳහා අවශ්‍ය සියලු අරාක්ෂාව යෙදවිමට පොලිසිය සූදානම් බවයි
තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් යම් අයෙකු තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා පැමිණෙන්නේ නම්, එම ඡන්ද හිමියාගේ අනන්‍යතාව පරික්ෂා කිරීම සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්යය අධීක්ෂණයට තේරීම්භාර නිලධාරී විසින් පත් කර ඇති නිලධාරියා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා