ජනපති රනිල්ට එකතුවූ අලුත්ම පුද්ගලයා..

Report

අද (16), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය.

ඒ, කොළඹ මල් පාර් පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුවය.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම්. ෆවුසි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබෙනවා.