ජනපති රනිල් ට සහාය නොදැක්වූ ඇමතිවරුන්ට අත්වන ඉරණම - ලබන 15 වනදා සිදුවන බල පෙරළිය..

Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna Kanchana Wijesekera Election Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 05, 2024 12:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල නොකර ඇමැති ධුරයේ සිටින පිරිස් ඉදිරියේදී එයින් ඉවත් විමට කටයුතු කරවි යැයි තමා විශ්වාස කරන බවයි.

බොහෝ විට ආණ්ඩුවේ ඇමැති ධුරවලින් කටයුතු කරන පිරිස් ලබන 15 වනදාට ජනාධිපතිවරයාට සහාය පල කරනු ඇති බවයි, ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන්න තීරණය කළේ මීට වසර දෙකකට කලින් බව ඔහු කියා සිටියා.

ඔහු අවධාරණය කළේ, මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය අනුව පක්ෂයේ පිරිස් පක්ෂයෙන් ඉවත් වී යාමක් දකින්ට ලැබෙන බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී තවත් අය ජනාධිපතිවරයාට සහාය ලබා දීමට පැමිණිමට ඉඩ ඇති අතර බොහෝ විට පොදු ජන පෙරමුණේ ඉතුරු විය හැකි වන්නේ පක්ෂයේ ලේකම්වරයා පමණක් බව ඔහු අනාවරණ කර සිටියා.

එසේම ධම්මික පෙරේරාට පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන බව දැනගන්න ලැබු නමුත් ඔහුට තියෙන සුදුසුකම කුමක්දැයි කියා මෙහිදී කංචන විජේසේකර ප්‍රශ්ණ කර සිටියා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තබයි..!

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තබයි..!