කාටද සහය දෙන්නේ..වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද..පක්ෂ දෙකක් තීරණයක..
ඉලංගෙයි තමිල් අරසුකච්චි පසු ගිය සිකුරාදා, මෙවර ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකර ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් අයකුට සහාය දෙන බව අනාවරණ කළේය.
සිය පක්ෂය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීන්දුව එළඹෙන අගෝස්තු මස 10 හෝ 11 වැනිදා ගැනීමට නියමිත බවයි, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද කිලිනොච්චියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් සඳහන් කළේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා,
"අපේ මධ්‍යම කාරක සභාව අගෝස්තු 10 හෝ 11 රැස්වෙයි. එහිදී අපි සමහර තීරණ ගන්නවා. පොදු අපේක්ෂකයෙක්ට සහාය පළකරනවාද? එහෙම නැත්නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් ලබාදෙන බවට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇත්නම් එවැනි අපේක්ෂකයෙක්ට සහාය පළකිරීම සම්බන්ධයෙනුත් තීරණයක් ගැනීමට නියමිතය."
එමෙන්ම, පුත්තලමේ පැවති මහජන රැලියකදී එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සහාය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ඉදිරියේදී තීන්දු කරන බව සමස්ත ලංකා මහජන කොංග්රස් නායක, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතා,
"මේ වෙනකොට ජනාධිපතිවරණය නිවේදනය කර තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ නාමයෝජනා භාර දෙනවා. මේ වෙද්දි පක්ෂ දෙකම අපේ පක්ෂයට ආරාධනා කරලා තියෙනවා. එවැනි පසුබිමක තමා මේ වගේ විශාල ජනතාවක් සමග මේ රැස්වීම තියන්නේ. සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී කුමන හෝ අපේක්ෂකයෙක්ට සහාය ලබා දෙනවා. හැබැයි ඒ අපේ ඉල්ලීම් 10ට එකඟ වුණොත් විතරයි. ඒ ඉල්ලීම්වලින් ප්‍රධාන ඉල්ලීම වෙන්නේ පුත්තලම රෝහල ඊළඟ අදියරය දක්වා සංවර්ධනය කිරීමයි. අපේ ඉල්ලීම්වලට එකඟවන අපේක්ෂකයාට අපේ සහාය ලබා දෙනවා."