ජනාධිපති ලේකම් සහ නව නාවික හමුදාපති අතර ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පවත්වා තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ධුරයට පත්වීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයා විසින් නාවික හමුදාපති වෙත මෙහිදී සිය සුබ පැතුම් පිරිනමනු ලැබීය.
තවද නාවික හමුදාපති විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.