විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපන හදාරන්න සහයක් - ජනාධිපති අරමුදලෙන් ලැප්ටොප් බෙදාදෙයි

Report

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් සිසු සිසුවියන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

දිවයින පුරා තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනෙකුට ලැප්ටොප් පරිගණක මෙහිදී ලබාදීම සිදු කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති අරමුදල විසින් රුපියල් ලක්ෂ 58කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

මේ අනුව 2025 සහ 2026 වසරවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුසිසුවියන් 30 දෙනෙකුට පමණ ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපනික උපකරණ ලබාදීම සිදු කර ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 98කට අධිකයි.

ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ සිසුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

GalleryGalleryGalleryGalleryGallery