ජනපති රනිල් ආපදා නිරීක්ෂණ චාරිකාවක...
By Parami Dissanayake
අද (04) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවනින් ගොස් ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබී ය.
ඒ අද රුවන්වැල්ලේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත කොළඹ බලා එන අවස්ථාවේ දී ය.
එහි දී ජනාධිපතිවරයා මෙලෙස ගංවතුර උවදුරු පැවැති ප්‍රදේශ හරහා ගමන් කරමින් ඒ බව නිරීක්ෂණය කරනු ලැබුවේ ය.
ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබුවේ ය.