ජනාධිපතිවරණය ගැන ජනපති ගෙන් දැනුම්දීමක්..භාෂා 03ක් කතා කළ හැකි කෙනෙක් ජනපති කරන්නැයි ඉල්ලීමක්..(VIDEO)
පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත්තේ, දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි.
මේ අතර දෙමළ ඇතුළු භාෂා ත්‍රිත්වයක් කතා කළ හැකි අයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරම් මහතා පවසා තිබේ.
මීට අදාල වීඩියෝව පහතින්,
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කල්දැමීමට ව්‍යවස්ථාවෙන් හැකියාවක් නොමැති බවයි.