“බණ්ඩාරවෙල දෙමළ මහා විද්‍යාලයේ දරුවන් ජනාධිපතිගෙන් ඉල්ලූ අහිංසක ඉල්ලීම” - සාමූහික ඡායාරූපයකට එක්වෙයි

Report

පූනාගල, කබරගල “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමේ උත්සවය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවයේදී ජනාධිපතිවරයා සිය කථාව සිදු කිරීමෙන් අනතුරුව, වැඩසටහනට එක් වූ බණ්ඩාරවෙල දෙමළ මහා විද්‍යාලයේ දරු දැරියන් විසින් සාම්ප්‍රදායික නර්තන අංගයක් ඉදිරිපත් කරනු ලැබීය.

නර්තන අංගය අවසන් කිරීමෙන් අනතුරුව එයට සහභාගි වූ දරු දැරියන් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් තමන් සමඟ ඡායාරූපයකට පෙනී සිටින ලෙස ඉල්ලා සිටියහ.

දරුවන්ගේ එම ඉල්ලීමට සුහදව ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව ඡායාරූපයකට පෙනී සිටියේය. මෙම අවස්ථාව උත්සවයට සහභාගි වූ දරු දැරියන්ට මෙන්ම ඔවුන්ගේ ගුරුවරුන්ටද සුවිශේෂී මතකයක් බවට පත්විය.

නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50කට ‘නවෝදයාගම’ නිවාස අද ජනතා අයිතියට

නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50කට ‘නවෝදයාගම’ නිවාස අද ජනතා අයිතියට

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට රු, මිලියන 110ක ආයෝජනයක් - නව යන්ත්‍ර 6ක් සේවයට

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට රු, මිලියන 110ක ආයෝජනයක් - නව යන්ත්‍ර 6ක් සේවයට