වැඩබලන වගකීම රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා ජනපති ලන්ඩන් යයි.

London Ranil Wickremesinghe President of Sri lanka Queen Elizabeth II
By Wayomi Sep 18, 2022 12:12 PM GMT
Wayomi

Wayomi

Report

බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (සැප්. 17) මධ්‍යහනයේ ලන්ඩන් නුවරට ළගා වුණා.

ලන්ඩන් නුවරට ළගා වූ ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor), බ්‍රිතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් (Dave Easton) සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීන් එක්ව සිටියා. 

හෙට (සැප්. 19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වෙන එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගි වන ජනාධිපතිවරයා ලබන බදාදා (සැප්. 21) අලුයම නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර, ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පවරා තිබෙනවා.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත්, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා ද පත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW