පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

Report

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

කෙසේවෙතත් පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව මීට ඉහතදී ප්‍රකාශ කළද මේ වන විට එම මතයන් වෙනස්වී තිබෙනවා.

ඇතැම් පිරිස් පවසන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වීමට නියමිත බවයි.

කෙසේවෙතත් මෙම තීරණය ලබන සඳුදා ලබාදීමට සූදානමින් සිටින බවයි එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මෙවර ජනපති පුටුවට අපේක්ෂකයින් 12ක් සටනට එයි..එම අපේක්ෂක ලැයිස්තුව මෙන්න..

මෙවර ජනපති පුටුවට අපේක්ෂකයින් 12ක් සටනට එයි..එම අපේක්ෂක ලැයිස්තුව මෙන්න..


මේ අතර, 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තා වනවා.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවයි වාර්තා වන්නේ.

මේ අතර, 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු ද මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වනවා.

අද ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි. ලග්න 04ක අයට රතු එළියක්..කාන්තා ආකර්ෂණයත් වැඩි වෙයි.

අද ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි. ලග්න 04ක අයට රතු එළියක්..කාන්තා ආකර්ෂණයත් වැඩි වෙයි.


එලෙස ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වන්නේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ය.