පුංචි ඡන්දෙට ගිය වියදම් මම ආණ්ඩුවට දෙනවා - ජනපති අනුර

Report

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා සඳහන් කළේය.

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

මහා ඡන්දෙ කාලෙම තමා පාවිච්චි කළ වාහනේ තෙල් වලට සල්ලි ගෙව්වෙ පක්ෂයෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පහත ආකාරයෙන්.

“ආණ්ඩුවෙන් තෙල් ගහගෙන මම ඡන්ද රැස්වීම් වලට ගිහින් නෑ. පළාත් පාලන ඡන්දෙ පටන් ගනිද්දීම මම තෙල් වලට ගිය වියදම් ලේඛනය ලබා දෙන ලෙස කිව්වා.ඒ මුදල් පියවන්නම් යැයි මා කිව්වා.මෙහෙම තමයි රටක් ගොඩ නගන්නේ.වෙනදා ඡන්ද වලට හෙලිකොප්ටර් වලින් ගියා.අපි වියදම් වූ තෙල් ටිකත් ආණ්ඩුවට දෙනවා"

යනුවෙන්ද රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පැවසීය.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට