මහින්ද රාජපක්ෂගේ දේහය සංරක්ෂණය කරන්න. - ඔහුගේ මරණය මතු උපදින අනාගතයට වැදගත්. - හිටපු කතානායක.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් රටට සිදු වූ කාර්යය නොසලකා හරිමින් ඔහුගේ ආරක්ෂාව පවා ඉවත් කර ඔහුව සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කර ඇති බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ,ඊයේ මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වමින්.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, මහින්ද රාජපක්ෂ තිස් අවුරුදු යුද්ධයකින් රට බේරා ගත් බවත් දැන් ඔහුට ආරක්ෂාව ලබාදීම රජයේ යුතුකමක් බවයි.
රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා රටට වටින නායකයෙක් බවත් ඔහු මියැදුනත් එතුමාගේ මරණය මතු උපදින අනාගතයේ සෑම අයෙකුටම බැලීමට හැකි දේහයක් ලෙස රටේ තිබිය යුතු බව ඔහු එහිදී කියා සිටියා.
“එතුමාගෙ ආරක්ෂාව ගැන අපි හැමෝම අවධානෙන් ඉන්න ඕනේ, ඒකට හේතුව ලෝකයේ තිබිච්ච දරුණතම ගරිල්ලා සටන තමයි එල්.ටී.ටී.ඊ තස්ත්‍රවාදය කියන්නේ. එතකොට මේ වගේ සංවිධානයකට මුහුණ දෙන්න සාමාන්යෙන් පුළුවන්කමක් කෙනෙක්ගෙ හිතට එන්නෙත් ඉතාමත් අමාරුවෙන්. තමන්ගේ දරු පවුල ගැන, ඒ අයගේ ළඟ ඉන්න නෑයොන්ගේ ආරක්ෂාව ගැන හිතුවෙ නැහැ. තමන් රටේ රාජ්‍ය නායකයා හැටියට ඒ වෙලාවේ මේ රටේ පුරවැසියන්ට රට බේරලා දෙන්න අවශ්‍ය නායකත්වය දුන්නා.
මේ වගේ යුද්ධ වලින් දිනාගත්ත ලෝකයේ නායකයන් අපි දන්නවා. අදටත් ලෙනින් සහ හෝර්චුමින්ගේ ගත්තොත් අදත් මරණ දෙක රටේ පුරවැසියන්ට බලන්න තියලා තියෙනවා. අනාගතේ උපදින්න ඉන්න පුරවැසියන්ටත් ඒ මරණයට ගරු කරන්න ඒ අවස්ථාව හදලා තියෙනවා. එතකොට එ රටවල්වල නායකයෝ එදා තීන්දු කළා මේ ලෙනින් හෝර්චුමින් වැනි නායකයෝ අනාගතේටත් රටට වටිනවා,
ඒ නිසා වියදම කොච්චර උනත් ඒ අයගේ දේහයට අවසන් ගෞරවය දක්වන්න මතු උපදින හැමෝටම අවස්ථාව දෙන්න ඕනේ කියලා..ඉතින් හරියට නම් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව කියන එක රජයේ යුතුකමක්.. ඒ වගේම එතුමා කවදකහරි අපේ රටෙන් මියැදුනත් එතුමාගේ මරණය මතු උපදින අනාගතයේ හැමෝටම බලන්න පුළුවන් දේහයක් විදිහට මේ රටේ තියෙන්න ඕනේ. ඒ තරම් වටින නායකයෙක්. ඒක කාටවත් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ.
ඒක නිසා අද අපට පේන්නේ මේ සියල්ලම ඉතාමත් සුළු සිද්ධීන් හැටියට දාලා ආරක්ෂාව අයින් කරලා දාලා, නිකන් සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කරලා එතුමා රට වෙනුවෙන් කරපු කාර්යයවත් කිසි වගකීමක්, වගකීමක් නැති තැනට ඇදලා දාන්න තමයි මේ කටයුතු කරලා තියෙන්නේ”
You May Like This Video