අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු පෙරවීමට හේතුව හෙළි වෙයි..

By krishani Nov 28, 2023 04:38 PM GMT
Report

මේ දිනවල අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් අන්දවා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරුව වෙමින් පවතී.

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු පෙරවීමට හේතුව හෙළි වෙයි.. | Preparing Robes For The Aukana Buddha Statue

ඒ සම්බන්ධයෙන් විවේචන රැසක් එල්ල වී ඇති අයුරු සමාජ මාධ්‍ය තුළ දකින්න පුලුවන.

එම සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසියට පැමිණිල්ලක් කළ බව වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ සඳහන් කළේ ය.

මෙම සිවුරු පෙරවීමට මුල් වූ ලියෝ අමරනන්ද නමැති පුද්ගලයා සඳහන් කර ඇත්තේ, තමන් එය සිදුකළේ අවුකන පිළිම වහන්සේ ලෝකයට ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් බවයි.

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු පෙරවීමට හේතුව හෙළි වෙයි.. | Preparing Robes For The Aukana Buddha Statue

කෙසේ වෙතත්, මෙම පූජාව පසුගිය ඉල් පුර පසලොස්වක පොහොය දා කිසියම් පිරිසක් විසින් සිදු කළ අතර එයට අවුකන රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ද හිමි වී තිබිණ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා විද්වතුන් සිය විරෝධය පළ  කළ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශනයක් පැවැත්විණ.

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳ වූ අයට වැඩ වරදියි. (PHOTOS)

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳ වූ අයට වැඩ වරදියි. (PHOTOS)