රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ නිවසට මැර ප්‍රහාරයක් .. හදිසියේම සිදුවූ කලබලය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.(VIDEO)
By Sithumi
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ කැලණිය පමුණුවිල සරත්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පෞද්ගලික නිවසට ඊයේ රාත්‍රියේ පැමිණි නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊයේ(18) රාත්‍රී 10.45 ට පමණ මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා හෝ පවුලේ කිසිවෙකු නිවසේ නොසිටි බව වාර්තා වී තිබෙනවා.
ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් රාජ්‍ය අමාත්‍යවරයාටත් ඔහුගේ පුත්‍රයාටත් බැන වදිමින් නිවසට අලාභ හානි කළ බවටයි එම අවස්ථාවේ නිවසේ සිටි ආරක්ෂක නිලධාරියා පොලිසියට පවසා ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්ථා වන්නේ.
මේ සම්බන්දයෙන් රාජ්‍ය අමාත්‍යවාරයාගෙ අදහස මෙන්න...