රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ නිවසට ප්‍රහාරයක්.

Report

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වෙනවා.

ඒ ඔහුගේ ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසටයි.

එයින් නිවසේ ජනෙල් අටකට හානි වී තිබෙනවා.

කෙසේවෙතත්, මෙම පහරදීම සිදු වන අවස්ථාවේ දී නිවසේ කිසිවකුත් සිට නොමැත.