හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරාගම මහතා ඉදිරියේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම පිලිබඳ නඩුව කැඳවනු ලැබීය.
එහිදී මහෙස්ත්‍රාත් විසින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නියම කර ඇත.
මෙම නඩුව කැඳවීමේදී තම සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා ඇත.
එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේ අධිකරණයට සෑහීමකට පත්විය හැකි සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම රුපියල් ලක්ෂ 10ක අමතර ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියම කර තිබේ.
අමතර ඇපය තැන්පත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාත්මක වන බවත් මේ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කර තිබේ. ඉන් අනතුරුව සැකකාර ප්‍රසන්න රණතුංග මහතාට යළි අගෝස්තු මස 04 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.