ප්‍රගීත් රත්නායකගේ ‘උත්තම පුරුෂ – First Person’ කලා ප්‍රදර්ශනය අගමැතිතුමියගේ මූලිකත්වයෙන් ඇරඹෙයි.
සම්මානනීය දෘශ්‍ය කලාකරුවකු සහ චිත්‍ර ශිල්පියකු වන ශ්‍රී ලංකා දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ප්‍රගීත් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන “උත්තම පුරුෂ - First Person” දෘශ්‍ය කලා ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ (19) කොළඹ Art Rizome කලාගාරයේදී විවෘත කෙරිණි.
ප්‍රගීත් රත්නායක මහතාගේ පනස් වසරක ජීවන සහ කලා දිවිය ආවරණය කරමින් සම්පාදනය කළ “Prageeth Rathnayake, Fifty Years of Vision, Color & Soul” විශේෂ ග්‍රන්ථයද මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීය.
මෙම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය අගෝස්තු 20 වැනිදා සිට සැප්තැම්බර් 7 වැනිදා දක්වා කොළඹ Art Rizome කලාගාරයේදී මහජනතාව සඳහා විවෘතව තැබේ.
ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඇතුළු ආරාධිත අමුත්තන් සහ කලාකරුවන් රැසක් එක්ව සිටියහ.