ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත ඝාතනය කිරීමේ ප්‍රබල සැලැසමක්..නාමල් ගෙන් විශේෂ හෙළිදරව්වක්....

Dubai Viral Video Media Social Media TV Program
By Parami Dissanayake Aug 22, 2024 01:45 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 ජ්‍යෙෂ්ඨ මාද්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට විරුද්ධව ප්‍රහාරයක් දියත් කිරීමට සැලැසුම්කර ඇති බව ප්‍රකාශ කරමින් දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර විසින් පසුගිය දිනක වීඩියෝවක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ අපරාධ සිදුකර ඩුබායි රටට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් මෙලෙස චමුදිත සමරවික්‍රම මහතාට ප්‍රහාරයක් සිදු කිරීමට සුදානම් වන බව ඔහු එහි දී පවසා ඇත.

මන්කිපොක්ස් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්...

මන්කිපොක්ස් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්...

කෙසේ වෙතත්, නාමල් කුමාරගේ ඩුබායි රටේ සිටින තොරුතුරුකාරියක විසින් මෙලෙස 2024/08/21 රාත්‍රි දුරකථන ඇමතුමක් ඔස්සේ දැන් වූ බවත්, වංචා, දුෂණ, අක්‍රමිකතා වලට එරෙහිව හඬක් නඟන රටේ මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමට රජයක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පවසා ඇත.

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර විසින් ප්‍රකාශ කර සිටියේ "රාජපක්ෂලාගෙ රෙදි හෝදන්නේ චමුදිතයා. ඒ නිසා ඕකව ඉවරයක් කරල දාන්ඩ ඕන" යනුවෙන් පවසා ඇති අතර, චමුදිත සමරවික්‍රම මහතාව ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් තමා මෙලෙස වීඩියෝවක් නිකුත් කළ බවත් ය.

එපමණක් නොව, අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී මෙම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීමට ඔහු සූදානම් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.