මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000 ඉක්මවයි! (UPDATE)

Myanmar Thailand Earthquake
By Shehan Mar 29, 2025 03:35 AM GMT
Shehan

Shehan

Report

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,002 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම භූමිකම්පාවෙන් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහි වැඩිම හානිය සිදු වී ඇත්තේ මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේටයි. ඊයේ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුතුව ඇති වූ මෙම භූමිකම්පාවෙන් තායිලන්තයේ බැංකොක් නගරයට ද බලවත් බලපෑම් එල්ල වුණා.

විදෙස් වාර්තාවලට අනුව, ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා.

අත්ලන්තික් සාගරයේත් භූකම්පනයක්!

අත්ලන්තික් සාගරයේත් භූකම්පනයක්!

ලොවක් කම්පා කළ බිහිසුණු භූ කම්පනයෙන් මියගිය ගණන 700ට ආසන්න වෙයි! 

ඊයේ (28) මධ්‍යම මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් මියන්මාරයේ සහ ඒ අසල පිහිටි තායිලන්තයේ මියගිය පුද්ගලයින් ගණන 694 ඉක්මවූ බව වාර්තා වෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ආසන්න වශයෙන් පුද්ගලයින් 1,670කට තුවාල සිදුව ඇති බවයි. නමුත් තවමත් බොහෝ දෙනෙක් සුන්බුන් යට සිරවී සිටින බව ද වාර්තා වේ.

මියන්මාරයේ පැරණි අගනගරයක් වන මැන්ඩලේ කලාපය කේන්ද්‍ර කරගෙන එරට වේලාවෙන් පස්වරු 12.50ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුක්ත වූවා. එහෙත් එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසුකම්පනයක් ද වාර්තා වුණා.

මෙම භූමිකම්පාවේ බලපෑම අසල්වැසි තායිලන්තයේ බැංකොක් නගරයට ද දැනුණු අතර, ඒ හේතුවෙන් මියන්මාරයේත් බැංකොක්හිත් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවුණා.

ඒ අතර බැංකොක් නගරයේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණු මහල් ගොඩනැගිල්ලක් ද වූවා. භූමිකම්පාවෙන් පසු මැන්ඩලේ ගුවන්තොටුපළේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. නමුත් තායිලන්තයේ ස්වර්ණ භූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් සාමාන්‍ය ලෙස සිදු වුණා.

මෙම භූමිකම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මියන්මාරයේ ශ්‍රී ලාංකිකයින් 200ක් පමණ සිටින අතර, බැංකොක් නගරයේ තවත් ශ්‍රී ලාංකික පිරිසක් සිටිනු ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළා.

ReeCha