අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සජබයට
By Hashini
අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හිමිව තිබෙනවා.
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළේ අද (12) උදෑසන පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත්වූ බවය.
අකුරණ ප්‍රාදේශීය සභාවට සභිකධුර 30ක් හිමිව තිබූ අතර, අද දින එක් අයෙකු නොපැමිණි අතර ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කර තිබෙනවා.
ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා තාරික් අලී මහතා ඉදිරිපත් වූ අතර ඔහු ඡන්ද 13ක් හිමි කරගත්තා.
උපසභාපති ධුරය සඳහා පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18ක් හිමි කරගනිමින් පත්වූ අතර, ජාතික ජන බලවේගයේ වසන්ත කුමාර මහතා හිමිකර ගනු ලැබුවේ ඡන්ද 11ක් පමණි.
