බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක් මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බවයි සඳහන් වන්නේ.
මෙයට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී ඇති බව සඳහන්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයට සහය ලබාදීමට සුදානම බව පුවතක් වාර්තා වෙමින් පවතිනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොළඹ මහා නගර සභාවේ බලය ලබාගෙනීම වැළැක්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයක් ලෙස විවිධ පාර්ශවයන් සඳහන් කර සිටිනවා.
ඒ අතර වාරයේ ස්වාධීනව තරග කර පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පිරිස සමග එකතුවී බලය පිහිටවීමට පියවර ගන්න බව ජාතික ජනබලවේගය බලාපොරොත්තු වෙමින් සිටිනවා.
එවැනි පසුබිමක පොහොට්ටුව මෙලෙස හදිසියේම රැස්වීම තවත් කුමන්ත්‍රණයක් හෝ බලපෙරලියක සුදානමක් බවටයි සඳහන් වන්නේ.
