විදුලි කප්පාදුවක් සිදු කරනවාද නැද්ද ඇමති උපාලි කට අරියි
රට තුල දැනට විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් මතුව නැති බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කර ඇත.
අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට මේ වනවිට මැදපෙරදිග පවතින තත්ත්වය තුළ එහි සේවය කරන ලක්ෂ 10ක් පමණ වන ශ්‍රී ලාංකිකයන්ට යම් බලපෑමක් ඇතිවුවහොත් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
මැදපෙරදිග අර්බුදය හමුවේ විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබ සාධනය සැලසීම සඳහා වන කමිටුව එහි සභාපති අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
අමාත්‍ය සරෝජා පෝල්රාජ්, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු සෙසු කමිටු සාමාජිකයන්ද මීට එක්ව තිබුණි.
ත්‍රීරෝද රථ පදවන්නන් සංචාරක ක්ෂේත්රය වැනි තවත් විවිධ අංශ කෙරෙහි කමිටුවේ අවධානය යොමුකර යෝජනා ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සදහන් කර තිබේ