ඇමති හදිසියේම සියලු ජනතාවට කනගාටුව පළ කරයි..!
බලශක්ති අමාත්‍යංශය පවසන්නේ,දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම කළමනාකරණය සඳහා සිදුකළ දෛනික විදුලි කප්පාදුව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.
පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එහි ජනන යන්ත්‍ර 03ම අක්‍රිය තත්ත්වයට පත්විය.
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමිවූ අතර ඇතිවූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විදුලි කප්පාදුවක් සිදු කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගනු ලැබීය.
මේ හේතුවෙන් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ පැය එකහාමාර බැගින් මෙන්ම ඊයේ දිනයේ ද පැයක කාලයක් ලෙස දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබිණි.
කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබීම හේතුවෙන් මෙතෙක් දෛනිකව පැවති විදුලි කප්පාදුව අවසන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය.
එමෙන්ම නොරොච්චෝලේ සෙසු ජනන යන්ත්‍ර දෙක ද ඉදිරි දිනවලදී ක්‍රමයෙන් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කෙසේවෙතත් මේ දක්වා සිදුවූ විදුලි කප්පාදුව හේතුවෙන් විදුලි පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව සිය කනගාටුව පළකරන බව පැවසූ කුමාර ජයකොඩි අමාත්‍යවරයා යළි මෙවැනි තත්වයක් රට තුළ ඇති නොවීම සඳහා අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝකාලීන පියවර ගැනීම සඳහා රජය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.
You may like this video 👇
