හෙට විදුලිය විසන්ධි කිරීම ගැන ඇහෙන අලුත්ම ආරංචිය..!
ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, හෙට (14) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බවයි.
නොරොච්චෝලේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දිනයේ අදාළ තීරණය ගැනීමට නියමිත බවයි, ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත නොහැකි වීම නිසා ඉකුත් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට පියවර ගත්තේය.
නමුත් නවම් පොහොය යෙදී තිබුණු ඊයේ (12) දිනයේ පැවති අඩු විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකිවීම මත විදුලි කප්පාදුවක් සිදු නොකෙරුණි.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය අද පෙරවරුවේ නිවේදනය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදත් පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවය.
You may like this video 👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)