ලංකාවටම එකවරම විදුලිය බිඳ වැටීම නිසා සිදුවුණ දැවැන්ත පාඩුව ගැන සඳහන් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Report

ලංකාවටම එකවරම විදුලිය බිඳ වැටීම නිසා සිදුවුණ දැවැන්ත පාඩුව ගැන සඳහන් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. | Power Cut In Sri Lanka 09Th December 2023

ඊයේ (09) සවස් කාලය තුළ දිවයිනටම විදුලිය විසන්ධි විය. 

ඒ ගැන සඳහන් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE)

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE)


එහි සඳහන් වන්නේ, රටපුරා පැය 05ක පමණ අධික කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බවයි.

එමෙන්ම, මෙලෙස විදුලිය බිඳ වැටීම වළක්වා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් කළ නිර්දේශ පැහැරහැරීම එයට හේතුව බව ඒ මහතා සඳහන් කර ඇත.

තව ද, එම නිර්දේශයන් ගැසට් පත්‍රය මඟින් විදුලිබල අමාත්‍යංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කළ බවත්, එම නිර්දේශ පැහැරහැරීම පිළිබඳව වර්තමාන විදුලිබල අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා වගකිවයුතු බව ද සඳහන් වේ.

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..


කෙසේ වෙතත්, මෙවැනිම ආකාරයේ හදිසි විදුලිය බිඳ වැටීමකින් 2021 වසරේ දෙසැම්බර් මස 03 වැනිදා රුපියල් කෝටි 1500 ක පමණ ආර්ථික හානියක් වූ බවත් එම නිවේදනයේ දැක් වේ.