අල කාලත් හමාරයි. ගොවින්ගෙන් රතු එළියක්.
මෙවර යල කන්නයෙන් පසුව දේශීය අර්තාපල් වගාව මෙරටින් තුරන්ව වි යනු ඇති බව අර්තාපල් ගොවීන් අනතුරු අඟවනවා.
එම වගා විනාශයට හේතු වී ඇත්තේ, පවතින අධික වර්ෂාවත් සමඟ අර්තාපල් වගාවට අංගමාරය වැළදීමයි.
වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල, බොරලන්ද ආදී ප්‍රදේශවල අර්තාපල් ගොවීන් කියා සිටියේ, අයහපත් කාලගුණය මෙන්ම වගාවන් සඳහා යොදන කෘෂි රසායන වර්ග වල මිල ද මේ වන විට ඉහල යාමත් ඔවුන්ව දැඩි අපහසුතාවයට පත් කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...JOIN NOW |