කල් දැමූ විභාගයක් නැවත පවත්වන දිනය දැනුම් දෙයි
කල් දැමුණු 6 සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් ශ්‍රේණි විභාගය එළඹෙන ජනවාරි 25 වැනි දින පැවැත්වීමට නියමිත බව දැනුම් දී ඇත.
ඒ අනුව ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු මෙම විභාගය එදින පවත්වන බවට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට පෙර තැබීමට තිබූ විභාග කටයුතු රැසක් පසුගිය දිනවල මෙරට මුහුණ දුන් ආපදා තත්ත්වය හමුවේ කල් දැමීමට කට්‍යුතු කර තිබුණා.