තැපැල් වර්ජනයට රටේ සමස්ත වෘත්තිය සමිති ජාලයන්ගෙන් සහය

By Shehan Aug 22, 2025 05:24 AM GMT
Report

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසන පරිදි, වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට එල්ල වන බියවැද්දීම් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය හමුවට යන බවයි.

මේ අතර, සේවයට නොපැමිණෙන තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා යැයි සලකා කටයුතු කරන බවට තැපැල්පතිවරයා නිකුත් කළ නීති විරෝධී නිවේදනය වහාම ඉවත් කළ යුතු බව එම වෘත්තිය සමිති පෙරමුණ අවධාරණය කළේය.

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?

එසේ නොකළහොත්, තැපැල් වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවකට පැමිණීමට නොහැකි වනු ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ අනතුරු ඇඟවීය.

තවද, තැපැල් වෘත්තිය සමිතිවල සටනට රටේ සමස්ත වෘත්තිය සමිති ජාලය සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ.ආර්. නිහාල් පැවසීය. එම සහයෝගය පළ කරන ආකාරය පිළිබඳව අද (22) සාකච්ඡාවක් පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වන දිනටත් ක්‍රියාත්මක වන අතර, අද උදෑසන සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව යොදවා ඇත. 

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්