තැපැල් වර්ජනය අදත්

By Hashini May 30, 2025 02:21 AM GMT
Report

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ පැය 48ක සංකේත වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.

ඒ ඉල්ලීම් 10ක් මුල් කරගනිමින්.

ඊයේ පැවති වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවාවන්ට බාධා එල්ල වී තිබූ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් කාර්යාල රැසක් වසා දමා තිබුණා.

කොරෝනා මරණ 07ක්... විශාල රෝගීන් පිරිසක්... වේගයෙන් පැතිරේ

කොරෝනා මරණ 07ක්... විශාල රෝගීන් පිරිසක්... වේගයෙන් පැතිරේ

මේ අතර, ලංකා බැංකුවේ දිරි දීමනා කප්පාදු කිරීමට එරෙහිව ඊයේ පෙරවරු 10.30 න් පසු ගනුදෙනුකාර සේවාවෙන් ඉවත් වීමට ලංකා බැංකු වෘත්තිය සමිති සන්ධානය පියවර ගත් අතර ඔවුන් දහවල් 12.30 පසුව සේවයෙන් බැහැර වීමට තීරණය කළා.

ඒ හේතුවෙන් බැංකු සේවා අපේක්ෂාවෙන් පැමිණි ජනතාව ද පත් වූයේ දැඩි අපහසුතාවයටයි.

කෙසේ වෙතත්, ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ සභාපති අනුරාධ නිරාජ් පීටර් ප්‍රකාශ කළේ ලබන 05 වනදා වන විට සිය ගැටලු‍ වලට විසදුමක් නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන බවයි. 

පොසොන් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි

පොසොන් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි