හැමදේම මිල අඩු වෙද්දී එක් සේවාවක මිල ඉහල දැමීමක්.?
By Wayomi
තැපැල් මුද්දරයක මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි.
ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පැවසීය.
2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක මිල මේ වනවිට රුපියල් 50කි.
තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව ඔහු කීය.